ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහනදායී ණය ආධාර ලබාදීමේ ගිවිසුමක්

  👤  2521 readers have read this article !
By mawbima 2017-10-12

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රධාන සහ සහනදායී ණය ආධාර ලබාදීමට පින්ලන්ත රජය එකඟත්වය පළ කර ඇත. මේ සඳහා වන ගිවිසුමට 10 වැනිදා පෙරවරුවේ පින්ලන්ත විදේශ අමාත්‍යාංශයේදී අස්සන් තැබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතාද පින්ලන්තය වෙනුවෙන් පින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සතු සන්තලා (ඉචබභ ඉචදබචතච) මහත්මියද මෙම ගිවිසුමට අස්සන් තබන ලදී.
දෙපාර්ශ්වය විසින් එකඟ වන ව්‍යාපෘතීන් සඳහා මෙම ගිවිසුම ඔස්සේ ප්‍රදාන සහ ණය ආධාර ලබාදීමට නියමිතය. මෙම ගිවිසුම ක්‍රියාත්මක වනුයේ සංවර්ධනය වන රටවල් සඳහා පින්ලන්තය ලබාදෙන සහයෝගිතා සහන යටතේය.

මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වාසි සහ අවස්ථා අතිශය වැදගත් බැවින් ඒවායින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම ශ්‍රී ලංකාවේ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවද මුදල් ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon