ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව වෝටර්ස් එජ්හිදී

  👤  2523 readers have read this article !
By mawbima 2017-10-12

පහන් විජේසේකර
ඡායා - මංජුල දයාවංශ

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10දා) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

"වෙනස්වීම් හමුවේ අභියෝගාත්මකව ජයග්‍රහණය සඳහා කැපවීම" තේමාව යටතේ මෙම වාර්ෂික සමුළුව පැවැත්විණි.
කාලීන මාතෘකා ඔස්සේ තෝරාගත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට මෙම සමුළුව මඟින් මංපෙත් විවර කෙරෙන අතර සිය ප්‍රධාන ක්ෂේත්‍රය වන ගිණුම්කරණය ආශ්‍රිත මාතෘකාවන්ට අමතරව නූතන තාක්ෂණයේ බලපෑම පිළිබඳවද අවධානය යොමු කිරීම විශේෂත්වයකි.
2016 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ තුන්වැනි ස්ථානයට පත්වූ හිඟුරක්ගොඩ නිපුණි ධනංජනී රූපසිංහ ශිෂ්‍යාව වෙත තිළිණියක් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ආයතනික අනුග්‍රාහකයන් වෙත සම්මාන තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ගණකාධිකාරි ශිල්පීය ආයතනයේ සභාපති වරලත් ගණකාධිකාරි ජේ.එම්. යූ. බී. ජයසේකර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon