සයිටම් ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹනවා

  👤  2528 readers have read this article !
By mawbima 2017-10-12

සයිටම් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් නොලැබුණොත් රෝගීන්ගේ ජීවත් වීමේ අයිතිය සහ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් වෛද්‍යවරුන්ගේත් අරමුණ වන නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම වෙනුවෙන් රටේ සියලුම රජයේ රෝහල් ආවරණය වන පරිදි අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ආණ්ඩුවට අනතුරු අඟවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පවසයි.
ආණ්ඩුවේ කෘෘරත්වය හා බියගුලු පහරදීම්වලින් වෛද්‍ය සංගමය නොසෙල්විය හැකි බවත් ඒ මහතා කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නායක මහතා මෙසේද පවසයි.

2010 පමණ මුදල් අය කරගෙන සුදුසුකම් නොමැති ශිෂ්‍යයන් බඳවාගෙන සයිටම් නමැති දූෂිත ආයතනය පටන්ගත් විට එවකට උසස් අධ්‍යාපන ඇමැතිව සිටි එස්.බී. දිසානායක එය නීත්‍යනුකූල බලගැන්වීමකට බලවත් වෙහෙසක් ගත් අතර එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අප සංගමය මෙම ආයතනය නීති විරෝධී ආයතනයක් බව පෙන්වා දීමෙන් පසු එතුමා කමිටුවක් පත් කළා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ලක්ෂ්මන් කිරිඇල්ල හා රාජිත සේනාරත්න ඇමැති දෙපළ සයිටමය වෙනුවෙන් මැදිහත් වුණා.
මොන බලවේගයකටවත් මේ ඉදිරි ගමන නතර කරන්න බෑ. ජයග්‍රහණය ලැබෙන තුරු අපේ සටන ඉදිරියටම ගෙනයනවා යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon