සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය නිවැරැදි තීන්දුවක් කඩිනමින් ගත යුතුයි

  👤  2469 readers have read this article !
By mawbima 2017-10-12

මහනුවර - නදීක දයා බණ්ඩාර

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය කඩිනමින් නිසි නිවැරැදි තීන්දුවක් ගත යුතු යැයි මල්වතු පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද හිමියෝ පවසති.


රෝගීන් අසරණ තත්ත්වයට පත් කරමින් වෛද්‍යවරුන් පවා වර්ජනවලට එක්වන්නේ මේ සම්බන්ධයෙන් රජය නිවැරැදි තීන්දුවක් නොගැනීම හේතුවෙන් යැයි උන්වහන්සේ පැවැසූහ.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් අහිංසක ජනතාව පීඩාවට පත්වන නමුත් ආණ්ඩුවට හෝ වෛද්‍යවරුන්ට ඉන් පීඩාවක් නොවන බැවින් මහජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් නිවැරැදි දැක්මක් නොමැතිව ක්‍රියා කිරීමෙන් වඩාත්ම පීඩාවට පත් වන්නේ අහිංසක ජනතාව බවත් උන්වහන්සේ පැවැසූහ.

වෛද්‍ය වර්ජන රැල්ල ජාත්‍යන්තරයට පවා එක් කරන්නේ අඳුරු නාමයක් යැයි කී උන්වහන්සේ ඊට මූල හේතුව වූ සයිටම් පෞද්ගලික ආයතනය සම්බන්ධයෙන් වහා කඩිනම් තීරණයක් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි වැඩිදුරටත් පෙන්වා දුන්හ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්