මහින්ද ඉදිරියට ශ්‍රී ලනිප ඡන්දයකට එන්නේ නෑ

  👤  2696 readers have read this article !
By mawbima 2017-10-12

පන්නිපිටිය - හෂාන් පුෂ්පික

මින් පසුව කිසිම දවසකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලනි පක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, අනුරුද්ධ පොල්ගම්පල මහතා 9දා පැවැසීය.

එම නිසා ශ්‍රී ලනි පක්ෂය ගැන මින් මතුවට නොසිතා මේ රටේ ජනතාව අලුතින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා පොදුජන පක්ෂයට ඉදිරි මැතිවරණවලදී ඡන්දය දී ජයග්‍රහණය කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස පොල්ගම්පල මහතා කීය.

පොල්ගම්පල මහතා මේ බව පැවැසුවේ හෝමාගම, මැතිවරණ කොට්ඨාසයේ මීගොඩ කොට්ඨාස හතක ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීම වෙනුවෙන් ගොඩගම උත්සව ශාලාවක සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
මෙම ජන හමුව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon