ඡන්ද කෙටුම්පත් අද කතානායක සහතික කරයි

  👤  2440 readers have read this article !
By mawbima 2017-10-12

ජේ. ටී. ද සිල්වා, දයා පෙරේරා

පාර්ලිමේන්තුවේදී ඉකුත් සඳුදා සම්මත කළ මහනගර සභා ඡන්ද විමසීම් (සංශෝධන), නගර සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් කතානායක කරු ජයසූරිය විසින් අද (12දා) සහතික කරනු ලබයි.
අද උදේ 10ට කතානායක නිල මැදිරියේදී එම පනත් කෙටුම්පත් සහතික කෙරෙණු ඇත.

එම පනත් කෙටුම්පත් කතානායකවරයා විසින් සහතික කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කළ යුතු ගැසට් නිවේදනය, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා විසින් ලබන සතියේ නිකුත් කෙරෙණු ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්