ලංගමට ධ්ර්ණීඛ් සමාගමෙන් ඉන්ධන ගන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කළ යුතුයි

  👤  2519 readers have read this article !
By mawbima 2017-10-12

අනුරාධා හේරත්

ලංකා ගමනාගමන මණ්ඩලයට ධ්ර්ණීඛ් සමාගමෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව වහාම අහෝසි කළ යුතු බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයට බල කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවැසුවේ ධ්ර්ණීඛ් සමාගමෙන් ලංගමයට ඉන්ධන ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ බව මාධ්‍ය හරහා පළවූ බවත් එකී කැබිනට් පත්‍රිකාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත්ය.
දැනට තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1200ක ප්‍රමාණයක් ඇති අතර එය මේ ක්‍රියාවලිය හරහා අඩපණ වන බවද ලියනගේ මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ ලංගම බස් රථවලට මෙන්ම බාහිර වාහනවලට ඉන්ධන සැපැයීමෙන් ලංගමයට විශාල ආදායමක් උපයා ගැනීමට අවස්ථාව තිබෙන විට අයි.ඕ.සී. සමාගමින් ඉන්ධන ලබාගැනීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම අනවශ්‍ය කරුණක් බවය.

ලංගමය අඩපණ කරමින් පෞද්ගලික බස්රථ ව්‍යාපාරිකයන්ට මගී ප්‍රවාහන අයිතිය ලබාදුන් සේම 2003 වසරේ මෙරට තෙල් සංස්ථාව විනාශ කිරීමට සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් ඉන්දියාවට විකුණමින් කළ ක්‍රියාව පැවැති හෝ පවතින ආණ්ඩු කිසිවිටෙක නිවැරැදි නොකළ බවටද හෙතෙම චෝදනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon