2017 ඡන්ද නාමලේඛනය අද සහතික කෙරේ

  👤  2450 readers have read this article !
By mawbima 2017-10-12

ජේ. ටී. ද සිල්වා, දයා පෙරේරා

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ 2017 ඡන්ද හිමි නාමලේඛනය අද (12දා) සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය "මව්බිම"ට පැවැසීය.
නව ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඉකුත් සැප්තැම්බර් 30දා සිදු කිරීමට නියමිතව තිබිණි.

ඉදිරියේදී පවත්වනු ලබන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද සහතික කරන ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්