උතුරේ සිංහල ර්ණීධ්ඛ් ගේ සේවය දෙමළ ජනතාව අගයයි

  👤  2472 readers have read this article !
By mawbima 2017-10-12

මුලතිව් - ශෂිකුමාර් ඕමන්ත ශේෂලා අමරසිංහ

කිලිනොච්චිය ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. එම්. ඩී. එන්. චතුරංග මහතා එම පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සමයේදී ප්‍රදේශයේ දෙමළ ජනතාවට ඉටුකළ සේවය ඇගැයීමේ විශේෂ උත්සවයක් කිලිනොච්චියේදී ඉකුත් 10 වැනිදා පැවැත්විණි.
ධර්මපුරම් පොදු ප්‍රජා මණ්ඩපයේදී ප්‍රදේශවාසීන් හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන් එක්ව සංවිධානය කළ මේ උත්සවයට කිලිනොච්චිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන සහ සහකාර පොලිස් අධිකාරි කේ. ඒ. ජේ. කොඩිතුවක්කු යන මහත්වරු සහභාගි වූහ.
උප පොලිස් පරීක්ෂක එම්. එම්. ඩී. එන්. චතුරංග මහතාගේ සේවය අගය කරමින් ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අස්සන් කළ විශේෂ සහතික පත්‍රයක්ද ඔහුට එහිදී පිරිනමනු ලැබීය.

රාජ්‍ය නිලධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේද විශේෂ ඇගැයීමට ලක්වූ කිලිනොච්චියේ පළමු පොලිස් නිලධාරියා උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාද වෙයි.
ධර්මපුරම් පොලිස් මුරපොළ නව පොලිස් ස්ථානයක් ලෙස පත් කිරීමට උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා කැපවී කටයුතු කළ බවත් ධර්මපුරම් පොලිසිය කිලිනොච්චිය පොලිස් ස්ථාන අතරින් හොඳම පොලිස් ස්ථානය බවට පත්කිරීම සඳහා ඔහු වෙහෙසී රාජකාරි කළ බවත් කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත ආර්. සිරිවර්ධන මහතා උත්සව අවස්ථාව අමතමින් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්