දේශපාලන සිරකරුවන් වෙනුවෙන් හෙට උතුරේ හර්තාලයක්

  👤  2440 readers have read this article !
By mawbima 2017-10-12

මුලතිව් - ශෂිකුමාර් ,වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (13දා) උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්නැයි දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කරයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන එම්. ශක්තිවේල් පියතුමන් විසින් මේ ඉල්ලීම සිදු කරනු ලැබ ඇත.
මේ වන විට යාපනය සරසවිය විසින් හර්තාලයට පූර්ණ සහාය දක්වන බවට දැනුම් දී ඇති අතර වෙළෙඳ හා ප්‍රවාහන සංගම් මෙන්ම ධීවර සංගම් ඇතුළු සිවිල් සංවිධානවලද සහාය ඉදිරියේදී ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

හර්තාලය වෙනුවෙන් දේශපාලන සිරකරුවන් සඳහා ප්‍රධාන වශයෙන් අරමුණු කොට ඇත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවයි. දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාරවල රඳවා ඇත්තේ මරණ දඬුවම නියමවූ සිරකරුවන් සමඟ වන හෙයින් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බැවින් වහාම ඔවුන් වෙනත් මැදිරි වෙතට මාරු කළ යුතු බවටත්, දේශපාලන සිරකරුවන්ට නඩු පැවරීමේදී වවුනියාව අධිකරණයේදී නඩු පැවරිය යුතු බවටත් එසේ වවුනියාව අධිකරණයේදී නඩු පැවරීමෙන් ඇති වන භාෂා ගැටලු විසඳෙන බවට හා උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්