ෆැබ්ලෝද ගී්‍රෆ් දූත පිරිස නැඟෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්

  👤  2443 readers have read this article !
By mawbima 2017-10-12

ත්‍රිකුණාමල - ලක්මාල් කේ. බදුගේ

නැඟෙනහිර පළාතේ සංචාරයක නිරතව සිටින සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆැබ්ලෝද ගී්‍රෆ් මහතා ඇතුළු දූත පිරිස නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා අතර හමුවක් ඊයේ (11දා) ත්‍රිකුණාමලයේදී සිදුවිය.
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති මේ සාකච්ඡාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් සරත් අබේගුණවර්ධන, ත්‍රිකුණාමලය අතිරේක දිසාපති අරුල්රාසා, ආණ්ඩුකාර ලේකම් අසංග අබේවර්ධන යන මහත්වරුද එක්වූහ.

මේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා පැවැසුවේ නැඟෙනහිර පළාත යුද්ධයෙන් පසුව සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි.

එමෙන්ම නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන්ද යුද්ධය නිසා අවතැන්වූ පිරිස්වල දරුවන්ගේ අනාගතය පිළිබඳවත් ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් පළාත් සභාව හා මධ්‍යම රජය කෙසේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව මේ දූත පිරිස දැනුවත් කළ බවද ආණ්ඩුකාරවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්