දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් විසඳුම් ඉල්ලා යාපනය නල්ලූර් කෝවිලේ විශේෂ දේව කන්නලව්වක්

  👤  2527 readers have read this article !
By mawbima 2017-10-12

මුලතිව් - ශෂි කුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් අරමුණු කිහිපයක් මුල් කරගනිමින් සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (11දා) යාපනය, නල්ලූර් කෝවිලේ විශේෂ දේව පූජාවකට සහභාගි වූහ.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මේ වැඩසටහන සංවිධානය කොට තිබිණි. උතුරේ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් සහභාගි වෙමින් දෙවියන්ට පහන් දල්වා පොල් ගසනු ලැබූහ.

දේව පූජාවට සහභාගි වූවන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමුවිය යුතු බවටත්, දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාරවල රඳවා ඇත්තේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් සමඟ වන හෙයින් එය ඉතා අසධාරණ ක්‍රියාවක් බැවින් වහාම ඔවුන් වෙනත් මැදිරි වෙතට මාරු කළ යුතු බවටත් දේශපාලන සිරකරුවන්ට නඩු පැවරීමේදී වවුනියාව අධිකරණයේදී නඩු පැවරිය යුතු බටවත් එසේ වවුනියාව අධිකරණයේදී නඩු පැවරීමෙන් ඇතිවන භාෂා ගැටලු විසදෙන බවටද අවධාරණය කොට ගෙන ඇති අතරම උපවාසයේ යෙදුණු දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද ඉක්මන් විසඳුමක් ලැබීමට දෙවියන්ගේ පිහිටද පතන බවටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon