අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත කියන්නේ රණවිරුවන්ට දඬුවම් දෙන විදුලි පුටුවයි

  👤  3057 readers have read this article !
By mawbima 2017-09-21

මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තනතුර ලබා ගැනීමේ අරමුණින් ඇතැම් බලවත් රටවල් පිනවීමට කටයුතු කරමින් සිටින බවත් ලංකාවේ රණවිරුවන්ට දඬුවම් කිරීමට සැරසෙන්නේ එහි පියවරක් ලෙසින් බවත්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ධම්මරතන හිමියන් මෙසේ පැවැසුවේ "මහජන රාජ්‍ය සභාව" විසින් රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන පොදු කාර්යාලයේ පෙරේදා (19දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද පැවසූහීය.

පසුගියදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අස්සන් කොට අනුමැතිය ලබාදුන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පනත රණවිරුවන්ට දඬුවම් ලබාදෙන විදුලි පුටුව නම් අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත ඒ පුටුව ක්‍රියාත්මක කිරීමට ලබාදෙන බලය ලෙස හැඳින්විය හැකිය.
අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතට ඉඩක් නැතැයි මුලදී ප්‍රකාශ කර සිටි ජනාධිපතිවරයා පසුව එයට අස්සන් තබා අනුමැතිය ලබාදුන් අයුරින්ම අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත ද පාර්ලිමේන්තුවේ දී සම්මත කරවා ගෙන එයට අනුමැතිය ලබාදෙනු ඇතැයි ද රණවිරුවන් දඩයම් කිරීමට ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් හමුවේ සෘජු තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ශක්තිය නැති බව පේනවා.

අපේ රටේ ස්වාධිපත්‍ය කෙලසීමට බටහිර බලවේගවලට ඉඩ ලබා දිය යුතු නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම පක්‍ෂය ගැන තීන්දු ගැනීමේදී පක්‍ෂ නායකයන්ගේ හඬට සවන් දුන්නත් රට ගැන තීන්දුවක් ගැනීමේදී තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ හඬට ඇහුම්කන් දිය යුතුයි.

සපුමල් ජයසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්