වසර 20කින් බඳවා ගැනීම් නැතිව මිනින්දෝරු නිලධාරීහු අමාරුවේ

  👤  3061 readers have read this article !
By mawbima 2017-09-21

දෙනගම _ ධම්මික රණවීර

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මිනින්දෝරු අධිකාරිවරුන් 259 දෙනකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ 120 දෙනකු පමණක් බව මිනින්දෝරු වෘත්තීය සමිති සඳහන් කරයි. මේ නිසා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සිදු කිරීම දුෂ්කරවී ඇති බවත් එක් නිලධාරියකුට කලාප කිහිපයක සේවා ආවරණය කිරීමට සිදුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. වසර 20කට අධික කාලයක් තිස්සේ නිලධාරීන් බඳවා නොගැනීමෙන් මේ තත්ත්වය හටගෙන ඇති බවද එම මිනින්දෝරු වෘත්තීය සමිති කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්