ජීවිතය බේරාගන්න පිහිට වෙන්න

  👤  3152 readers have read this article !
By mawbima 2017-09-21

අටකලන්පන්නේ _ තරිඳු උදයශාන්ත

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කහවත්ත දකුණු පනාවැන්නේ පදිංචි බී.ජී. පමුදිතා ලක්ෂාණි දියණියට Hodking Lymphoma නමැති පිළිකා රෝගය වැලඳී ඇත. මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව ඇය ඉන්දියාවේ වෙල්ලෝර්හි පිහිටි සී.එම්.සී. රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර කරමින් සිටී. එහිදී ඇයට ඇටමිදුළු බද්ධ කිරීම ඇතුළු ප්‍රතිකාර වියදම් සඳහා තම මවුපියන් සතු සියලු දෑ විකුණා ගත් මුදලට අමතරව රුපියල් ලක්ෂ අසූවක මුදලක් අවශ්‍ය වී තිබේ.

ඇයගේ පියා නිවිතිගල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකයකු වන අතර මව ර/ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරියකි ඉහත මුදල වෙනුවෙන් කළ හැකි පරිත්‍යාග කහවත්ත ලංකා බැංකුවේ ගිණුම් අංක 4392455 දරන ගිණුමට බැර කරන ලෙස මවුපියන් කාරුණික ඉල්ලීමක් කරයි. වැඩිදුර තොරතුරු දුරකතන අංක 071 4486069 ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon