ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියුක්ත අයටත් සේවක අර්ථසාධක

  👤  3158 readers have read this article !
By mawbima 2017-09-21

මේසන් බාස්ලා ඇතුළු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සේවා කටයුතුවල යෙදෙන අය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබාදීම පිණිස වැඩසටහනක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාද, සේවක ආර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ සභාපතිවරුද එම කමිටුවට ඇතුළත් වෙති.
එම වාර්තා සති දෙකක් වැනි කෙටි කාලයකදී අග්‍රාමාත්‍යවරයාට ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරයා මෙවැනි තීරණයක් ගැනීමට යොමුව ඇත්තේ මේසන් බාස්ලා ඇතුළු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සේවා කටයුතුවල යෙදෙන සේවකයන් වියපත් වූ විට අසරණභාවයට පත්වන නිසා බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon