13 හැවිරිදි සාමණේර හිමිනම ආගිය අතක් නෑ

  👤  3115 readers have read this article !
By mawbima 2017-09-21

ගාල්ල එච්. පරණවිතාන,ඉමදූව-
ටී.විතානවසම්

ගාල්ල හිරිඹුර ජයසේකරාරාමයේ පැවිදිව සිටි 13 හැවිරිදි පානදුරේ සුධාරක නමැති සාමණේර හිමි නම ආගිය අතක් නැතැයි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පෝද්දල පොලිසියට පැමිණිලි කර ඇත. ඉකුත් 13 වැනි දින සිට මෙම සාමණේර හිමිනම පන්සලට නොපැමිණි බවත් අවසන් වරට ගාල්ල සංඝාරාම විහාරස්ථානයේ පන්තියකට සහභාගි වන බව පවසා විහාරස්ථානයෙන් පිටවී ගිය බව විහාරාධිපති හිමියන් කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඊයේ (20දා) දහවල් ගාල්ල කොටුපවුර මත තිබී සිවුරක් හමුවී ඇතැයි පොලිසියට වාර්තා වී තිබේ. පෝද්දල පොලිසිය හිමිනම සොයා පරීක්ෂණ අරඹා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon