ගෙදරටම ඇවිත් ගෙහිමියා මරලා

  👤  3040 readers have read this article !
By mawbima 2017-09-21

චාමර අමරසූරිය

යාපනය, නාවලර් ප්‍රදේශයේ නිවෙසකට කඩාවැදී පිරිසක් එහි ගෘහමූලිකයාට පහර දී ඝාතනය කර ඇතැයි යාපනය පොලිසිය පවසයි.
ඉකුත් 18දා රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති අතර මින් සෙල්වනායගම් රත්න බාලසිංහම් (39) යන අය ඝාතනය වූ බවද පොලිසිය පවසයි.
හරක් හොරකමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකට මෙම ඝාතනය හේතුවී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පැමිණි පිරිස නිවෙසේ සිටි ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරියට සහ පුත්‍රයාටද පහරදී ඇති අතර ඔවුන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්