අර්ජුන සාක්කි දෙන්න කැමැති වෙයි

  👤  2958 readers have read this article !
By mawbima 2017-09-20

maw-20-9 (4).jpg (600×350)

කමල් මහේන්ද්‍ර
වීරරත්න

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසි පිළිබඳව ඇඟිල්ල දිගුවී සිටින එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඊයේ (19දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසමේ නියෝගය පරිදි කොමිසම හමුවට පැමිණියේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඔහු කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ අතර ඊට ප්‍රථම ඔහුගේ ජේ‍යෂ්ඨ නීතිඥ සිල්වා මහතා කොමිසමට දන්වා සිටියේ තම සේවාදායකයාටද අර්ජුන් ඇලෝසියස් මෙන්ම සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට හැකි වුවද එසේ නොකොට සාක්ෂි දීමට තීරණය කොට ඇති බවත් එහෙත් හරස් ප්‍රශ්න ඇසීමේදී ඔහු අසීරුතාවට පත්වන පරිදි හිංසනයට භාජන වුවහොත් සාක්ෂි දීමෙන් ඉවත්ව සිටීමේ අවසරය තබාගෙන සාක්ෂි දීමට ඉදිරිපත් වන බවත්ය.

ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් හා ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොමිසම රැස්විය.
කොමිසමට සහාය වන ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවට කැඳවන ලද්දේ කොමිසමේ අධිකාරි පත්‍රය අනුව සිදුකර ගෙන යන විමර්ශනවලට අදාළව ඉතාමත්ම වැදගත් සේ සැලකෙන කරුණු 5ක් සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කර ගැනීමට බව කියා සිටියේය.

එහිදී ප්‍රකාශිත එම කරුණු 5 අතරින් 5 වැනි කරුණ සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතාගේ නීතිඥවරයා සිදුකරන ලද පැහැදිලි කිරීමක් පිළිගත් කොමිසම ඒ අනුව එම කරුණ සංශෝධනය කරනු ලැබීය.

අද දිනයේද වැඩිදුරටත් සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණෙන ලෙස ඔහුට කොමිසම දැනුම් දෙනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්