වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය මාස් හෝල්ඩින්ස් හා මාස් ඇක්ටිව් ශූරතා දිනති

  👤  2997 readers have read this article !
By mawbima 2017-09-20

විචිත්‍ර වීරසිංහ

වෙළෙඳ සේවා වොලිබෝල් සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා හා පිරිමි ශූරතා පිළිවෙළින් මාස් හෝල්ඩින්ස් හා මාස් ඇක්ටිව් කණ්ඩායම් විසින් දිනාගන්නා ලදී.

මහරගම තරුණ සේවා එළිමහන් පිටියේදී පැවති මෙම තරගාවලියේ සුපර් ලීග් කාන්තා අවසන් තරගයේදී මීරිගම බ්‍රැන්ඩික්ස් කණ්ඩායම 25-08, 25-07ක් හා 25-10ක් ලෙස පරාජය කළ මාස් හෝල්ඩින්ස් කණ්ඩායම ශූරතාව සමඟ මුදලින් රුපියල් ලක්‍ෂයක් (100,000) දිනාගනිද්දී ටීලේ ලංකා සමාගම 25-23, 25-21ක්, 20-25ක් හා 25-20ක් ලෙස පරාජය කළ මාස් ඇක්ටිව් කණඩායම සුපර් ලීග් පිරිමි ශූරතාව සමඟ මුදලින් රුපියල් ලක්‍ෂ එකහමාරක් (150,000) දිනාගත්තේය.
මේ අතර ක්‍රිස්ටල් මාටින් කණ්ඩායම 25-19, 27-29, 25-20ක් හා 25-16ක් ලෙස පරාජය කළ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ශූරතා වටයේ පිරිමි ශූරතාව දිනාගනිද්දී අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම 25-15, 25-19ක් හා 25-14ක් ලෙස පරාජයට පත්කළ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය ශූරතා වටයේ කාන්තා ශූරතාව දිනාගෙන තිබිණි.

තවද බියගම මාස් ඇක්ටිව් සමාගම 25-11, 25-17ක් හා 25-17ක් ලෙස පරාජය කළ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය "ඒ" කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනාගනිද්දී වතුපිටිවල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම 25-21, 25-18ක් හා 25-16ක් ලෙස පරාජය කළ ප්‍රොස්පරස් සමාගම "ඒ" කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon