ඇලෝසියස් - රිච්මන්ඩ් රග්බි - ගැටුම සෙනසුරාදා

  👤  2918 readers have read this article !
By mawbima 2017-09-20

ගාල්ල ශා. ඇලෝසියස් හා රිච්මන්ඩ් විදුහල් අතර 24 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය මෙවර සැප්තැම්බර් 23 වැනිදා පස්වරු 3.30 සිට ගාල්ල ශා. ඇලෝසියස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

මොහොමඩ් සිෆ්‍රාස් මෙවර ශා. ඇලෝසියස් කණ්ඩායමේ නායකත්වය දරද්දී දමිඳු එරංග රිච්මන්ඩ් විදුහලේ නායකත්වය දරයි.
කෙසේ වෙතත් ශා. ඇලෝසියස් කණ්ඩායම මෙවර අන්තර් පාසල් "බී" කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇති අතර, මේ හේතුවෙන් ඔවුන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහාද සුදුසුකම් ලබා තිබිණි.

නියෝජ්‍ය පොලිස්පති ටී. වී. සුමනසේකර අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී ශා. ඇලෝසියස් කණ්ඩායම තරග 11කදීත්, රිච්මන්ඩ් විදුහල තරග 9කදී ජයගෙන ඇති අතර, තරග තුනක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්