පී්‍රමා කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය අවසන් තරග ඔක්තෝබර් 6-7 කොළඹදී

  👤  2902 readers have read this article !
By mawbima 2017-09-20

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පී්‍රමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන පී්‍රමා කුසලාන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඔක්තෝබර් 6 හා 7 යන දෙදින කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.

කණ්ඩායම් 39ක් සහභාගි වන දිස්ත්‍රික් තරග මේ වනවිටත් පැවැත්වෙන අතර, එම දිස්ත්‍රික් තරගාවලියේදී දක්‍ෂතා දක්වන ක්‍රීඩකයන් පළාත් කණ්ඩායම් 12කට ඇතුළත් කොටගනිමින් පැවැත්වෙන පළාත් තරගාවලිය සැප්තැම්බර් 20 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙවර යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික් කණ්ඩායම් 5ක් උතුරු පළාත නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්ව තිබීමද විශේෂත්වයකි.
මෙම තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී පී්‍රමා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිලෝන් ඇගෝ ඉන්ඩස්ටී්‍රස්හි සාමාන්‍යාධිකාරී ෂොන් ටියන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ උතුරු හා නැඟෙනහිර පළාතෙන්ද ක්‍රීඩකයන් මෙවර තරගාවලියට එක්ව සිටීම සතුටට කරුණක් බවත්, මේ හැම ක්‍රීඩකයකුම මෙම තරගාවලිය තුළින් ජාත්‍යන්තරයට ගෙන යෑම තම සමාගමේ එකම අරමුණ බවත්ය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති කේ. මතිවානන්, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා මෙන්ම පී්‍රමා සමූහ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූපය _ අනුරුද්ධ මැදවත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්