ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට සජිත් පත්වෙයි

  👤  3017 readers have read this article !
By mawbima 2017-09-20

පසුගිය 7 වැනිදා සිට සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ලැබ්රෝයි මහතා සමඟ පත්වූ පස්දෙනකුගෙන් යුත් නව තේරීම් කමිටුවට ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වවුටර්ස්, සජිත් ප්‍රනාන්දු හා අසංක ගුරුසිංහ ඇතුළත්ව ඇති අතර, මෙයින් තිදෙනකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හා එක්දින වර්ණ දිනා ඇති නමුත් ජෙරී වවුටස් හා සජිත් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පළමු පෙළ තරගවලට පමණක් ක්‍රීඩා කර තිබේ.

එයින් වඩාත්ම අත්දැකීම් ඇති සජිත් ප්‍රනාන්දු පළමු පෙළ තරග 193කට ක්‍රීඩා කරමින් ලකුණු 10700ක් ලබා ඇති අතර, පන්දුයැවීමෙන් කඩුලු 269ක්ද ලබා තිබේ. දේශීය ක්‍රිකට් ක්‍ෂේත්‍රය තුළ සජිත් දැක්වූ මෙම අත්දැකීම් හේතුවෙන් හා ජාත්‍යන්තරයට පිවිසිය හැකි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් සොයාගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වත්මන් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඔහු නම් කර ඇති බවද පැවැසේ.

කෙසේ වුවත් මෙම මස අගදී පාකිස්තානය සමඟ ඩුබායිහිදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් නම් කිරීමේ කටයුත්ත නව තේරීම් කමිටුවේ ප්‍රධානතම කාර්ය භාරය වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon