ක්‍රිකට් බලධාරීන්ට මිස ක්‍රීඩකයන්ට ‘හූ’ කියා පලක් නැහැ

  👤  3022 readers have read this article !
By mawbima 2017-09-20

ක්‍රිකට් ක්‍රීඩකයන් අසරණයි. ඒ අයට හූ කියන්න එපා. මම එය අනුමත කරන්නේ නැහැ. හූ කියන්න ඕනෙ නම් මේවට වගකියන්න ඉන්න අයට හූ කියන්න. ක්‍රීඩකයන්ට හූ කියන්න එපා. ක්‍රීඩකයන්ගේ මනස හදලා ඉදිරියේදී ඒ අය තරග කළ යුතුයි. හූ කියන්න අවශ්‍ය නම් පරිපාලනයෙ ඉන්න අයට හූ කියන්න. ගල් ගහන්න. නමුත් අසරණ ක්‍රීඩකයන්ට ඒ දේ කරන්න එපා යැයි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

අමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.
"ක්‍රිකට්වලට ආදරේ තියෙන කිසිවෙක් මෙම ක්‍රිකට් ආයතනයට යන්නේ නැහැ. පසුගියදා ක්‍රිකට් ආයතනයේ පැවැති මේ සාකච්ඡාව තියන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ. සාකච්ඡාවට එනවද නැද්ද කියන්න දී තිබූ දුරකතන අංකය ක්‍රිකට් පාලක මණ්ඩලේ සේවය කරන නිලධාරිනියකගේ දුරකතන අංකයක්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ අද තිබෙන ප්‍රශ්න තව ටික කාලෙකට කල්දාගන්න කළ ක්‍රියාදාමයක්. ඇමැතිතුමා කියනවා මේක වැදගත් සාකච්ඡාවක් කියලා. එතුමාගේ පළවැනි කතාවෙම කියනවා විනාඩි පහකට වැඩිය ඉන්න බැහැ කියලා. ඒකෙන්ම පේනවා එතුමාට ක්‍රිකට් ගැන තියෙන කැක්කුම කුමක්ද කියලා. එතුමා ක්‍රිකට් ගහලත් නැහැ. ක්‍රිකට් ගැන එතරම් දැනුමකුත් එතුමාට නැහැ. ඒ නිසා තමයි අද මේ සියලුදෙනා ගෙනත් සාකච්ඡා කරන්නේ. පරිපාලනය හොඳ නැති නිසානේ පරිපාලනය ගැන දන්නැති අය ගෙනත් සාකච්ඡා කරන්නේ. ඒ පරිපාලනය දන්නේ නැති අයට තව ටික කාලයක් මේක දීර්ඝව කරගෙන යන්නයි මේ සාකච්ඡා මඟින් කරන්නේ.

මේ ගැන අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එක්ව තීරණ ගත යුතුයි. රටේ ක්‍රිකට් විනාශ වන එක මට බලාගෙන ඉන්න බැහැ. එතුමා කියනවා මම පාරවල්වල කතා කරනවා කියලා. මම ක්‍රිකට් වෙනුවෙන් පාරවල්වල නෙවේ ඕනෑම තැනක කතා කරනවා. එය මට මෙහිදී කරගන්න බැරි වුණොත් ලෝක ක්‍රිකට් කවුන්සලයට හෝ ගිහින් මම ඒ අය දැනුවත් කරනවා. අද ක්‍රිකට්වලට සිදුවී ඇති විනාශය මම එහෙදිත් කියනවා. මට තේරෙනවා ක්‍රීඩා ඇමැතිවරයාට මේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්න, ගොඩගන්න අවශ්‍යතාවක් නැහැ කියලා. තමන්ගේ හිතවතෙක්ව එතුමා රකින්නයි යන්නේ. ක්‍රීඩා නීති රීතිවල තියෙනවා සූදු පවුල්වල අයට මෙහි ඉන්න බැහැ කියලා. මේ රටේ හැම දෙනාම දන්නවා මේ ක්‍රිකට්වලට සම්බන්ධ පරිපාලනයේ ඉන්න ප්‍රධානීන් සූදු පවුල්වල ඉන්න අය කියලා. නමුත් ක්‍රීඩා ඇමැතිතුමා ඒ බව නොදන්නා එකයි පුදුමේ.
අපේ රට ගැන ලෝකය දැනගත්තේ

ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වීමෙන්. අපේ තේවලින් මේ රට ජනප්‍රිය වුණා. තෙවනුව ජනප්‍රිය වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්. පසුව සුසන්තිකා වැනි අයගෙන් ජනප්‍රිය වුණා. ඉන්පසුව අද ක්‍රීඩකයන්ට නොසලකන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. මම විශාල කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කළ අයෙක්. ක්‍රීඩාවට ඇති ඕනකමයි දැනුමයි දැක්මයි මට තිබෙනවා. එය නොදකින අයකුට ඒ පිළිබ½දව ආශාවක් නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon