දේශපාලන වේදිකාවට එන්න මං තීරණය කළා

  👤  3114 readers have read this article !
By mawbima 2017-09-20

කිසිම දවසක මම දේශපාලන වේදිකාවකට ඇවිත් නැහැ. නමුත් මම තීරණය කරලා තිබෙනවා ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය සහ දහතුන්වැනි සංශෝධනය පිළිබඳ ඉංග්‍රීසි කෘතිය එළිදක්වන උත්සව සභාව අමතමිනි. මෙම උත්සවය පසුගිය 18 වැනිදා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණ.
එහිදී උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීහ.

භික්ෂූන් වහන්සේලාට බණ උගන්වන යුගයක් මේක. හාමුදුරුවන්ට බණ කියන්න මේ ආණ්ඩුව දැන් පුද්ගලයන් පත් කර තිබෙනවා. මේ පාර බණ කියන්න උගන්වන්න එන්්නේ ජීවිතෙට පන්සලකට නොගිය දන් හැන්දක් බෙදපු නැති සිවුරේ සුවඳ දන්නේ නැති මිනිස්සු. නින්දා කරනවා, අපහාස කරනවා. මං තවම කතා කරේ නැහැ මේ ගැන හරියට. මං මේ පාර දේශපාලන වේදිකාවට එනවා කීවේ ඒකයි. මේ රටේ මිනිස්සු මේ සිවුර තිබෙන තාක් අපිත් එක්ක ඉන්නවා. දැන් මෙරට පුරවැසියකුට තියෙන අයිතිය අඩි හයකට සීමා වෙලා කියලයි මට හිතෙන්නේ. ඊට වඩා නම් දෙයක් දැන් අපට ඉතුරු වෙලා නැහැ.

කොහොම වුණත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරලා ඉවරයි කියන මතයේ මමත් ඉන්නවා. ඒක සකස් කර අවසන් වෙලා මේ ව්‍යවස්ථාවට විරුද්ධව නැඟිටින්නේ කවුද කියන එක මේ ආණ්ඩුව දන්නවා. ඒ නිසා තමයි මුලින්ම කිසිම සද්දයක් බද්දයක් නැතුව මුලින්ම භික්ෂු කතිකාවතක් ගෙනාවේ අපිව කොටු කරන්න. මේ රැස්වීමේ වුණත් මට කතා කරන්න බැහැ ඒ කතිකාවත උඩ. අපි ඒකට රැස්වීමක් දෙකක් තියෙනකොට ඒක පසෙකින් තැබුවා. අයින් කළේ නැහැ. ඊට පස්සේ ජාතිවාදී ආගම්වාදී පනතක් ගෙනාවා. ඒකත් මේ සඳහාම පෙළගස්වපු පනතක්. ඒක ගෙනාවා නම් ජාතිවාදය, ආගම්වාදය කතා කළා කියලා අත්අඩංගුවට ගැනීමට කටයුතු සකස් කරලා තිබෙනවා. ඊට පස්සේ තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළියට දැම්මේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එළියට දැම්මට පස්සේ මේ රටේ දේශප්‍රේමී ජනතාව ශක්ති ප්‍රමාණයෙන් එයට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා.

භික්ෂුවගේ ශක්තිය හීන කිරීම සඳහා උපක්‍රමශීලීිව භික්ෂුවගේ චරිත ඝාතනය, භික්ෂුවගේ අවුරුදු 2500ක ඉතිහාසය ක්‍රම ක්‍රමයෙන් විනාශ කිරීමට වැඩ සලස්වනවා. හැබැයි අපි මතක් කරන්න ඕනෑ මේ අරහත් ධජය, මේ රටේ මිනිස්සුන්ට සෙවණ දීපු සිවුර හෙටත් මේ රටේ ජනතාවට සෙවණක් වෙනවා. මේ තමයි යුක්තියේ සංකේතය, අසාධාරණත්වයට විරුද්ධව ගොඩ නැඟූ කොඩිය. මේ කොඩිය තිබෙන තුරු කිසිවකුටත් මේ රටේ බිම් අඟලක් මේ රටේ අපි අත තියලා කඩන්න දෙන්නේ නැහැ කියන පණිවුඩය මේ ආණ්ඩුවට දිය යුතුයි. මේක ශාසනයට පූජා කරපු රටක්.

ශ්‍රීලනිපයට මං පණිවුඩයක් දෙනවා. මේ පක්ෂය භික්ෂුන් වහන්සේලා මුල්වෙලා හදපු පක්ෂයක්. ශ්‍රීලනිපයේ අක්මුල් තිබෙන අය නිහඬව ඉන්න එපා. සිවුරේ සුවඳ දැනුණු මිනිසුන්ගේ පක්ෂය මේක. මහින්ද, මෛත්‍රි පිල්වලින් මට වැඩක් නැහැ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව, සියලු දෙනා නැඟී සිටිය යුතුයි.
ජනතාවට අවශ්‍ය නායකයන් නෙවෙයි ජාත්‍යන්තරයට අවශ්‍ය නායකයන් හදන්නේ මම. මම පැත්තකට වෙලා ඉන්නකොට මටත් ගඟට බහින්න තොටුපොළක් හදලා දීලා තියනවා. ඒ තොටුපළින් ඒකාබද්ධෙත් බහින්න ඕන. මේක දේශප්‍රේමීන්ගේ නැඟිටීමක්.

රසිකා හේමමාලි
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon