හෙරොයින් වැටලීමකට ගිය උප පොලිස් පරීක්ෂකට පහර දුන් අයෙක් රිමාන්ඩ්

  👤  2920 readers have read this article !
By mawbima 2017-09-20

අමිල අබේරත්න

පොලිස් නිලධාරීන් පිරිසක් හෙරොයින් වැටලීමකට යන අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් හෙරොයින් සම්බන්ධ වැටලීමකට වොක්ෂෝල්වීදිය අසල ප්‍රදේශයකට යන අවස්ථාවේ එම විත්තිකරු වැටලීමට ගිය පොලිස් නිලධාරි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන එක් උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී ඇත.
විත්තිකරු සිද්ධිය වන අවස්ථාවේ බීමත්ව සිට ඇති අතර "හැමදාම වැටලීමට එන්නේ අපේ අය" යැයි පවසමින් උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී තිබේ. විත්තිකරු වොක්ෂෝල් වීදියේ පදිංචිකරුවෙකි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්