බහරේනයේ සේවය කරන ලාංකිකයන්ගේ රැකියා සුරක්ෂිතතාව හා ගැටලු විසඳන්න

  👤  2989 readers have read this article !
By mawbima 2017-09-20

සිදත් මෙන්ඩිස්

බහරේනයේ සේවයේ කරන ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියාවේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට හා ඔවුන්ට පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් දී තිබේ. පසුගියදා බහරේනයේ සිදුකළ සිය සංචාරය අතරතුර අමාත්‍යවරිය විසින් මේ උපදෙස් ලබාදුන් බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

රැකියාවේ සුරක්ෂිතාව, ඔවුන් උදෙසා අවශ්‍ය පහසුකම් සැපැයීමේදී තානාපති කාර්යාලය මැදිහත් විය යුතු ආකාරය, එරට රැකියා වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලංකිකයන් පුහුණු කළ යුතු ආකාරය, නීත්‍යනුකූල බ¼දවා ගැනීම් ප්‍රවර්ධනය කිරීම, බහරේනයේ නීති පද්ධතිය පිළිබඳව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් සිදු කොට ඇත.

2017 වසරේ අගෝස්තු මස 23 වැනිදා වන විට බහරේනයේ රැකියා සඳහා පිටත්වී ගොස් ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 1897ක් වන අතර 2016 වසරේ එම ප්‍රමාණය 3224ක් බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon