දින 3ක්ම විදුලිය නෑ : බකමූණ හා මින්නේරිය ජනතාව උද්ඝෝෂණයක

  👤  2994 readers have read this article !
By mawbima 2017-09-20

හිඟුරක්ගොඩ _ ප්‍රියා

දින තුනක කාලයක් විදුලිය නොමැති බව පවසමින් මාර්ග අවහිර කරමින් බකමූණ සහ මින්නේරිය ජනතාව ඊයේ (19දා) දින උද්ඝෝෂණයක නිරත වූහ.
පිරිසක් ගිරිතලේ _ බකමූණ ප්‍රධාන මාර්ගයේ අත්තනකඩවල ප්‍රදේශයේදී මාර්ගයට ගස් කපා දමමින් ටයර් පුලුස්සා දමමින් ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයේ යෙදුණු අතර මඩකළපුව - කොළඹ මාර්ගයේ මින්නේරිය නගරයේදී මාර්ගය හරස් කරමින් විදුලිය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූහ. මින්නේරිය ජනතාව උද්ඝෝෂණය ආරම්භ කිරීමත් සමඟ විදුලිය ප්‍රදේශයට ලැබීමෙන් සමඟ උද්ඝෝෂණ පිරිස විසිර ගියහ.

ගම්මාන සඳහා විදුලිය නොමැති වීම පිළිබඳ ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු විමුක්ති චන්ද්‍රදාස මහතාගෙන් විමසා සිටීමේදී, කිසිදු විසන්ධි කිරීමක් සිදු කර නෑ. එහෙත් කඩාකප්පල්කාරී පිරිසක් විසින් කැලෑබද ප්‍රදේශවල ඇති රැහැන් පද්ධතිවලට යකඩ දම්වැල් සහ ගස් කපා අතු දැමීම නිසා විදුලිය විසන්ධි වී තිබෙනවා. සේවකයන් නොමැති වීම නිසා රැහැන් පද්ධති පරීක්ෂා කිරීම ඉතා සෙමින් වෙන නිසා මින්නේරිය සිට ගිරිතලේ බකමූණ රැහැන් පද්ධති පරීක්ෂා කරනවා.

අද උදෑසන මින්නේරිය ප්‍රදේශයේ රැහැන් පද්ධතියකට යකඩ දම්වැල් දමා තිබී හමු වුණා. එය ඉවත් කිරීමත් සමඟ මේ ප්‍රදේශට විදුලිය ලැබුණා. උද්ඝෝෂණය කිරීම නොව වැදගත්, විදුලි පද්ධති සඳහා හානි සිදු කරන පුද්ගලයන් පිළිබඳ දැනුවත්ව සිට ඒ බව ළඟම පොලිසියට දැනුම් දීම බවද ඔහු කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon