පළාත් සභා විසිරෙව්වත් ජනතාවගේ අයිතින් හා අභිවෘද්ධිය සඳහා අවශ්‍ය පියවර ගන්නවා

  👤  3061 readers have read this article !
By mawbima 2017-09-20

ලක්ෂ්මී ජයකොඩි

පළාත් සභා විසිරවනු ලැබුවද සුළු ජන කොටස්වල අයිතිය හා ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරනු ලබන ක්‍රියාමාර්ගවල කිසිදු වෙනසක් සිදු නොකරන බව නැඟෙනහිර පළාත් මහඇමැති නසීර් අහමඩ් මහතා පවසයි.

විසුරුවීමට නියමිත නැඟෙනහිර පළාත් සභාව පිළිබඳව මාධ්‍ය මහ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය. පළාත් සභා විසිරවීම පිළිබඳව ඇතැම් දේශපාලනඥයන් සතුටට පත්ව සිටිනවා. පළාත් සභාවක් කවදා වුවත් විසිර විය යුතු බව දේශපාලනඥයන් මෙන්ම ජනතාව දැනගත යුතු කාරණාවක්. මෙය නොදැන සිටින ඇතැම් දේශපාලනඥයන් නන් ‍ෙදාඩවනවා. තමන්ට හිතුණු හිතුණු දේවල් පවසමින් මොවුන් කරන්නේ ජනතාව ඇවිස්සීමයි.

ඔවුන් මේ ප්‍රකාශ සිදු කරන්නේ සුළු ජන කොටස්වල අයිතිය ගැනීම වෙනුවෙන් රටේ අනෙකුත් ජන කොටස් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද කියා නොදැනයි. ඒ පිළිබඳව මම ලැජ්ජාවට පත් වෙනවා.

හොඳක් හෝ නරකක් වේවා ජනතාවට සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. එය තමයි හොඳ මනුෂ්‍යයකුට වැදගත් වෙන්නේ. එමෙන්ම වඩාත් හොඳ දේශපාලනඥයකු තෝරා ගැනීම ජනතාවගේ වගකීමයි.

පළාත් සභාව විසුරුවා හරිනු ලැබුවත් නැතත් සුළු ජන කොටස්වල අයිතිය වෙනුවෙන් මගේ අරගලය කිසිවිටෙකත් අත්හරින්නේ නැහැ. එය වළක්වන්නත් බැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon