කරඳගස්වැව හේන්යායක අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වන අලි සිවු දෙනකු වනජීවී නිලධාරීන් ඉදිරිපත් වී බේරාගෙන

  👤  2932 readers have read this article !
By mawbima 2017-09-20

මැදවච්චිය - ගයාන්

හොරොව්පොතාන _ දෑකැතිපොතාන _ කරඳගස්වැව ගම්මානයේ හේන් යායක අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලි සිවු දෙනකු නිරුපද්‍රිතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.

මේ වන අලින් සිවුදෙනා දින 3කට ඉහතදී මේ වගා ළිඳට වැටී ඇති අතර හේන් යායේ අයිතිකරු මෙය දැක හොරොව්පොතාන වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන වනජීවී නිලධාරීන් කණ්ඩායමක් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් මහත් පරිශ්‍රමයක් දරා පැය 3ක පමණ මෙහෙයුමකින් මේ වන අලින් ගොඩගෙන කුරුඳුවැව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කෙරිණි. වන අලින් ගොඩගන්නා අවස්ථාවේදී එම ස්ථානයට තවත් වන අලියෙක් කඩා වැදුණු අතර එම වන අලියාද පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

වගා ළිඳට වැටුණු වන අලින් අතර අවුරුදු 35ක පමණ වන අලියකුද අවුරුදු 30ක පමණ වන ඇතින්නියක්ද අවුරුදු 3ක් හා මාස 6ක් පමණ වන අලි පැටවුන් දෙදෙනකුද සිට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්