අඩි 9ක දිවි හමක් විකුණන්න යද්දී මාට්ටු

  👤  2987 readers have read this article !
By mawbima 2017-09-14

හිඟුරක්ගොඩ _ ප්‍රියා

කවුඩුල්ල ජාතික උද්‍යානයේ වාසය කළ අඩි 09ක් දිගින් යුතු දිවියකුගේ සමක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය ප්‍රජා පොලිස් ඒකකය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මින්නේරිය රොටවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඝාතනය කළ දිවියාගේ සම අලෙවි කිරීමට සූදානම් කර තිබියදී ප්‍රජා පොලිස් සංකල්පය මත රොටවැව ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොළට ලද තොරතුරක් මත මෙම සැකකරු, දිවි සමත් ගිනි අවියත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සැකකරු ගිනි අවියත් දිවි සමත් සමඟ හිඟුරක්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

උතුරුමැද පළාත් භාර ජේ‍යෂ්ඨ නි. පොලිස්පති නීතිඥ එල්.පී. සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් පරිදි මින්නේරිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාර, උ.පො.ප. ජයලත් ඇතුළු නිලධාරීන් සහභාගි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්