රන්ජන්ට එරෙහි නඩුව අහන්න තීන්දුයි

  👤  3023 readers have read this article !
By mawbima 2017-09-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

"ලංකාවේ අධිකරණවල සිටින්නේ වැඩි හරියක්ම දූෂිත විනිශ්චයකාරවරුන්...හා දූෂිත නීතිඥවරුන්" ආදී වශයෙන් පවසමින් අධිකරණයට අපහාස කරන ලදැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව ගොනුවී ඇති නඩුව ඊයේ (13දා) කැඳවූ ශේ්‍රෂ්ඨාධිකරණය එය ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග කරන ලෙසට නියම කරමින් ඔක්තෝබර් මස 12 වැනිදාට කල් තැබීය.

ඊවා වනසුන්දර හා විජිත් කේ. මලල්ගොඩ යන ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.
එහිදී පෙත්සම්කාර මාගල්කන්දේ සුදත්ත හිමියන් හා සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ රසික දසනායක මහතා කියා සිටියේ රජයේ අමාත්‍ය ධුරයක් දරන අයකු වන රන්ජන් රාමනායක විසින් රටේ අගමැතිවරයාගේ නිල නිවෙස වන අරලිය ගහ මන්දිරයේ සිට මාධ්‍ය හමුවේ මෙම ප්‍රකාශය සිදුකර ඇති බවය.

එලෙස රටේ රජ්‍ය නායකයකුගේ නිල නිවෙසේ සිටම රාජ්‍ය ඇමැතිවරයකු විසින් මෙවැනි බරපතළ ප්‍රකාශයක් සිදුකළ විට මහජනතාවට ඉන් ඇතිවන හැඟීම වන්නේ අගමැතිතුමාගේ නිල නිවෙසේ ඉඳගෙනම මෙහෙම කියන්නේ ඇත්තටම එවැනි තත්ත්වයක් ඇති නිසා විය යුතුයි කියලයි.

එබැවින් මෙයින් ගරු අධිකරණයටත් ගරු විනිශ්චයකාරතුමන්ලාටත්, නීතිඥ ප්‍රජාවටත් සිදුවූ අපහාසය, නින්දාව ඉතාමත්ම දරුණු එකක් වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්