ශ්‍රී ලනිපය හෝ නායකත්වය විවේචනය කරන අයට අනතුරු ඇඟවීමක්

  👤  2963 readers have read this article !
By mawbima 2017-09-14

අනුරාධා හේරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නායකත්වය විවේචනය කරන පක්ෂයේ ඕනෑම පුද්ගලයකුට එරෙහිව පියවර ගැනීම ඉදිරියටත් ක්‍රියාත්මක බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇමැති ධුරයෙන් ඉවත් කළ පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීම හොඳ දෙයක් බව පවසන මහලේකම්වරයා කියා සිටියේ පක්ෂයේ සාමාජිකයන් ඉවත් කිරීම සිදුවන්නේ 'ආවාට ගියාට' නොවන බවයි.

කෙසේ නමුත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙක් පත් කරන අතර ඒ සඳහා පත්වන්නේ කවුද යන්න දැනට තීරණය වී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ මහතා පවසන්නේ අරුන්දික ප්‍රනාන්දු හෝ පක්ෂයේ කවුරු හෝ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිසේත්ම බාධාවක් නොවන බවය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (13දා) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්