ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පරදී

  👤  2924 readers have read this article !
By mawbima 2017-09-14

ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

වසර 8කට පසු පාකිස්තානයේදී පැවැති ඉහළම ශේ්‍රණියේ ජාත්‍යන්තර තරගාවලිය මෙය බැවින් විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්ව තිබූ මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5කට ලබාගත් ලකුණු 197ට පිළිතුරු සැපයූ ලෝක ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 177ක් පමණි.

එහිදී ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පන්දු 52කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 86ක් ලබාගත් බාබර් අසාම් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, දෙපිල අතර පැවැත්වෙන දෙවැනි තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්