එක් පිලකට දස දෙනකු සහභාගි වන ‘මයිලෝ’ රග්බි තරග සති අන්තයේදී

  👤  2972 readers have read this article !
By mawbima 2017-09-14

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මයිලෝ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන එක් පිලකට දස දෙනකු සහභාගිවන "මයිලෝ අවුරුදු 14න් පහළ පළමු කොටසේ රග්බි තරගාවලිය සැප්තැම්බර් 16 හා 17යන දෙදින කොළඹ රාජකීය රග්බි විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ඒ අනුව "ඒ" සිට "එච්" කාණ්ඩය දක්වා කණ්ඩායම් 32ක් සහභාගි වන මෙම තරගාවලියේදී "ඒ" කාණ්ඩයට කොළඹ රාජකීය, කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ ආනන්ද හා ඇහැලියගොඩ විදුහලත්, "බී" කාණ්ඩය යටතේ ගල්කිස්ස විද්‍යා, ශා. බෙනඩික්, මොරටුව වේල්ස් කුමර, කේරි විදුහලත්, "සී" කාණ්ඩයට ශා. ජෝෂප්, මහනුවර විද්‍යාර්ථ, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි, නාලන්දා විදුහලත්, "ඩී" කාණ්ඩයට වෙස්ලි, කටුගස්තොට ශා. අන්තෝනි, රිච්මන්ඩ් හා කුරුණෑගල මලියදේව විදුහලත් ඇතුළත්ව සිටී. තවද "ඊ" කාණ්ඩයට මහනුවර ධර්මරාජ, පිළියන්දල විදුහල, පානදුර රාජකීය, වේළුවන විදුහලත්, එෆ්" කාණ්ඩයට බම්බලපිටිය ශා. පීතර, තර්ස්ටන්, මහනුවර ශා. සිල්වෙස්තර, ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමත්, "ජී" කාණ්ඩයට මහනුවර ත්‍රිත්ව, කිංස්වුඩ්, ශා. ජෝන් හා ලුම්බිණි විදුහලත්, "එච්" කාණ්ඩයට ඉසිපතන, මහානාම, සහිරා හා මොරටු විදුහල් කණ්ඩායමද එක්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්