නිරෝෂන් විජේකෝන් අර්ධ අවසන් පූර්ව වටයට

  👤  2958 readers have read this article !
By mawbima 2017-09-14

විචිත්‍ර වීරසිංහ

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වී සිටින නිරෝෂන් විජේකෝන් අවුරුදු 50 වයස් කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටී.

එහිදී ඔහු පළමු වටයේ ලබාගත් නිතරග ජයත් සමඟින් දෙවැනි වටයට පිවිස තිබූ අතර, දෙවැනි වටයේදී උස්බෙකිස්තානයේ ඔලෙග් සවෙටුගින් 21-11ක් හා 21-14ක් ලෙස පරාජය කරමින් තෙවැනි වටයට පිවිස තිබූ අතර, එම වටයේදී ප්‍රංශයේ ජීන් චාලස් 21-14, 19-21ක් හා 21-13ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඒ අනුව නිරෝෂන් විජේකෝන් ඉන්දුනීසියාවේ එඩි ඉස්මැන්ටෝ සමඟ අද (14දා) අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට ඉදිරිපත් වීමට නියමිතව ඇත.
මේ අතර අවුරුදු 60 වයස් කාණ්ඩයෙන් ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ ආනෝල්ඩ් ඩෙන්ඩෙන් තෙවැනි වටයට සුදුසුකම් ලබා ඇති අතර, රුසියාවේ යුරී සිමොව් සමඟ පැවැත්වෙන එම තෙවැනි වටයේ තරගයද අද පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්