අවසන් පූර්ව හා අවසන් තරග ගාල්ලේදී

  👤  2979 readers have read this article !
By mawbima 2017-09-14

ඉෂාන් රශ්මිත

රෙඩ්බුල් සමාගම විසින් සංවිධානය කරනු ලබන 6 වැනි රෙඩ්බුල් කැම්පස් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන බී.එම්.එස්. පිල සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරන නෝර්ත්-වෙස්ට් විශ්වවිද්‍යාලය අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, බංග්ලාදේශ ලිබරල් ආර්ට් විශ්වවිද්‍යාල කණ්ඩායම පිල සහ සිඩ්නි විශ්වවිද්‍යාල කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

මෙම තරගාවලියේ පසුගිය වසරේ ලෝක ශූරතාව දිනාගත් බී.එම්.එස්. පිල පෙරේදා (12දා) පැවැති පළමු වටයේ තම තෙවැනි තරගයේදී සිම්බාබ්වේ තාක්ෂණික ජාතික විශ්වවිද්‍යාලය කඩුලු 7කින් පැරදවූ අතර, බංග්ලාදේශ ලිබරල් ආර්ට් විශ්වවිද්‍යාල පිල ඩුබායි හෙරියට් වොට් විශ්වවිද්‍යාලයට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීය.

නෝර්ත්-වෙස්ට් විශ්වවිද්‍යාලය තම තෙවැනි තරගයේදී කරච්චි නාසිම්බෑඩ් ජින්නා රජයේ විද්‍යාලය ලකුණු 76කින් පැරදවූ අතර, සිඩ්නි විශ්වවිද්‍යාලය මරාත්වාඩා මිත්‍රා මන්ඩාල් වාණිජ විද්‍යාලය (ඉන්දියාව) ට එරෙහිව ලකුණු 22ක ජයක් ලැබීය. හෙට (15දා) දින පෙරවරුවේ පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගයකදී අපරාජිතව 'ඒ' කාණ්ඩයේ ශූරයන් වූ දකුණු අප්‍රිකා නෝර්ත්-වෙස්ට් විශ්වවිද්‍යාලය 'බී' කාණ්ඩයේ අනු ශූරයන් වූ බංග්ලාදේශ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාල පිල සමඟින් තරග වදියි.
හෙට (15) දින පස්වරුවේ පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගයේදී අපරාජිතව 'බී' කාණ්ඩයේ ශූරයන් වූ බී.එම්.එස්. පිල 'ඒ' කාණ්ඩයේ අනු ශූරයන් වූ සිඩ්නි විශ්වවිද්‍යාලය සමඟින් තරග වදියි.

හෙට (15දා) අවසන් පූර්ව තරග සහ අනිද්දා (16දා) අවසන් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්