වාර්ෂික දියකාවා 8 වැනි යුද අභ්‍යාසය නැඟෙනහිරින් ඇරැඹේ

  👤  3125 readers have read this article !
By mawbima 2017-09-14

හිඟුරක්ගොඩ - ප්‍රියා

යුද හමුදාව විසින් වසරක් පාසා පවත්වන යුද අභ්‍යාසය වන දියකාවා 8 වැනි යුද අභ්‍යාසය මේ වන විට නැඟෙනහිර ප්‍රදේශය මූලික කර ගනිමින් ආරම්භ වී ඇත.
මේ සඳහා විදේශීය හමුදාවන් සහ මෙරට ත්‍රිවිධ හමුදාව එක්ව සිටී. එහි නිරීක්ෂණ චාරිකාවක යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 13දා මෙම දියකාවා අභ්‍යාසය මින්නේරිය යුද හමුදා පාබළ පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි මෙහෙයුම් මැදිරියේ සිට නිරීක්ෂණය කළේය.

පසුව ත්‍රිකුණාමලයේ එරක්කණ්ඩිහිදී 14දා ජනපති විසින් නිරීක්ෂණය කිරීමට නියමිත යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නියමිත බව උසස් හමුදා නිලධාරියකු කීය. මේ සඳහා දියකාවා යුද අභ්‍යාසය පුහුණු භාර මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් සහභාගි වීමට නියමිත බව යුද හමුදාව කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්