විදෙස් ගත වන ශ්‍රමිකයන් මවුබිමේ ගෞරවය ආරක්‍ෂා කිරීම පරම යුතුකමක්

  👤  2936 readers have read this article !
By mawbima 2017-09-14

සිදත් මෙන්ඩිස්

විදෙස් ගතවන ශ්‍රමිකයන් මවුබිමේ ගෞරවය ආරක්‍ෂා කිරීම යුතුකමක් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් 38 දෙනකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.
ඊශ්‍රායල් රැකියා සඳහා යන ශ්‍රමිකයන් සිය කාල සීමාව ඉක්මවා නීති විරෝධී අයුරින් එරට රැඳී සිටීම හේතුවෙන් එරට රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් පවතින බව අතුකෝරල මහත්මිය පෙන්වා දුන්නාය.

එරටට පිටත්ව යන ශ්‍රමිකයන් සිය කාල සීමාව ඉක්මවූ පසු නැවත දිවයිනට පැමිණීමට වගබලා ගත යුතු බවත් එසේ රැඳී සිටීමට කටයුතු කිරීම හරහා රටට අගෞරවයක් සිදුවන බැවින් සියලු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්‍ෂා කිරීම යුතුකමක් ලෙස සැලකිය යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය. නව රජය බලයට පත්වීමට පෙර ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා අවස්ථා ලාංකිකයන්ට අඩු ප්‍රමාණයක් ලැබුණු බව පැවැසූ අතුකෝරල මහත්මිය කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන් පසු මේ වන විට ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රමිකයන් පිරිසක් එරට දේශපාලන රැකවරණය පවා ඉල්ලීමට කටයුතු කළ බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්