පුංචි ඡන්දයේදී ශ්‍රී ලනිපයෙන් තරුණ අයට 30% නියෝජනයක්

  👤  2997 readers have read this article !
By mawbima 2017-09-14

සිදත් මෙන්ඩිස්

නව පළාත් පාලන සංශෝධන පනත තුළින් තරුණයන්ට තිබූ 40%ක නියෝජනය අහිමි වී ඇති බවත් තරුණයන්ගේ එම අයිතිය රැක ගැනීමට බොහෝ දේශපාලන පක්ෂ කටයුතු නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශාන්ත බණ්ඩාර මහතා මේ පිළිබඳව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා නිදහස් පක්ෂය මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් එමෙන්ම තරුණ නියෝජනය 40%ක ප්‍රතිශතය ආරක්ෂා කර ගැනීම සඳහා හඬනැඟූ පක්ෂය බවත් හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය සලකා බලා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී 30%ක තරුණ නියෝජිතයන් සඳහා අවස්ථාව ලබාදෙන බවද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්