ජනාධිපතිගේ සංකල්පයකින් ළමා ආරක්ෂාවට රට පුරා වීථි නාට්‍ය රංගනයක්

  👤  2934 readers have read this article !
By mawbima 2017-09-14

කුමුදු උපුල් ශාන්ත

ළමා ආරක්ෂාව පිළිබඳ මතය වීථි නාට්‍ය ප්‍රදර්ශන මඟින් දිවයින පුරා සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ වරිනිද ලිවේරා මහත්මිය පැවසුවාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර තිබෙන "දරුවන් සුරකිමු" ජාතික වැඩසටහනට සමගාමීව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවද ළමා ආරක්ෂාව පිළිබඳව කියැවෙන "බිංදු රාණිට යාළුවෙක්" නමැති මේ වීථි නාට්‍යය රඟ දැක්වීමේ පළමු වැඩසටහන පසුගියදා මහනුවර පොදු වෙළෙඳ සංකීර්ණය ඇතුළු ස්ථාන කීපයක සිදු කෙරුණු බවද ඒ මහත්මිය පැවසුවාය. එම නාට්‍ය රඟ දැක්වීමෙන් පසු රැස්ව සිටි ජනතාවගෙන් විශාල ප්‍රසාදයක් හිමිවූ බව පවසන සභාපතිනි ලිවේරා මහත්මිය වැඩිදුරටත් පවසන්නේ එම නාට්‍ය වතු ආශ්‍රිතව ද්‍රවිඩ භාෂාවෙන් රඟ දක්වමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කරන ලෙසට රැස්ව සිටි ජනතාව කළ ඉල්ලීමක් සලකා බලමින් එම නාට්‍ය එම ප්‍රදේශවලද රඟ දැක්වීමට කටයුතු කරන බවය. නාට්‍ය ප්‍රදර්ශනය කෙරෙන අතර අත්පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව සභාපතිනිය යොමුකර තිබෙන නිවේදනයේ සඳහන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්