අපි ආණ්ඩුවක් හදලා මහින්දව අගමැති කරනවා

  👤  3135 readers have read this article !
By mawbima 2017-09-14

මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක් කියල කියපු අය එදා ඒක විකුණලා සල්ලි ගත්තා. මුන්ට ලැජ්ජ තියෙනවද දන්නේ නෑ. හදන්න ගියා වගේ හතර ගුණයක් සල්ලි ගත්තා. දැන් ගුවන් තොටුපොළ විකුණන් කන්න හදනවා. අපි දැන් ඉන්නේ ඉතා අවාසනාවන්ත යුගයකයි. ඒක නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා අපි නැවතත් ආණ්ඩුවක් හදාගන්න ඕන.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල පිහිටුවීමේ රැස්වීම් කිහිපයකට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් මෙසේද පැවැසුවේය.

අද මේ කවුරුත් මෙතෙන්ට රැස්වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න විතරක් නෙවෙයි. රටත් බේරගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අවුරුදු තිහකට වඩා තිබුණු යුද්ධයෙන් රට බේරාගත්තේ. එතුමාට රට කරන්න දුන්නේ අවුරුදු පහයි. බොරු කියලා බොරු කියලා මේ රට පාවා දීලා එතුමා බලයෙන් ඉවත් කර ගත්තා. දැන් වසර දෙකකටත් වැඩියි. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ජනතාවට අවශ්‍යවෙලා තියෙන්නේ විනාශ නොවී මේ රට බේරා ගන්න. මේ ආණ්ඩුව රට පාවාදෙන සම්පත් විකුණන ආණ්ඩුවක් වෙලා.

අපි ඉන්නේ ඉතා අවාසනාවන්ත යුගයක. ඒ නිසා ජනතාව කල්පනා කරනවා කොහොමද මේ ආණ්ඩුව පෙරළලා දාන්නේ කියලා. අපෙනුත් ජනතාව අහනවා කවද්ද මේ ආණ්ඩුව පෙරළලා මහින්ද රාජපකෂ මහත්තයාගේ ආණ්ඩුවක් හදන්නේ කියලා. මේ රට බේරා ගැනීමේ සාමූහික වගකීම තියෙන්නේ තමුන්නාන්සේලාගේ අතේ. අපිට මොන මැතිවරණය ආවත් අපි ඒ ඕනම මැතිවරණයකට සූදානම්.

මේ ආණ්ඩුව කියන්නේ මොනවද? ජාත්‍යන්තර අධිකරණ නැහැ. අපි රණවිරුවෝ බේරාගත්තා කියලා. නමුත් අද මොකද කරන්න හදන්නේ. ජගත් ජයසූරිය මහත්තයට ජාත්‍යන්තර උසාවියේ නඩුදාන්න හදනවා එතුමා යුද අපරාධකරුවෙක් කියලා. මේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් හිටියා යුද හමුදාපතිවරයෙක්. මේ එකට යුද්ධ කරපු අය. මේ අය දැන් මොකක්ද කියන්නේ. මම ජගත් ජයසූරියට විරුද්ධව සාක්ෂි දෙනවා කියලා කියනවා. ලෝක ඉතිහාසයේ රටත් රණවිරුනුත් පාවාදුන් කෙනෙක් හැටියටයි මෙතුමා හඳුන්වා දෙන්න වෙන්නේ. සාමූහික වගකීම කැඩුවා කියලා විජයදාස රාජපක්ෂව එළියට දැම්මා. නමුත් ඊට ඉස්සර වෙලා සරත් ෆොන්සේකා එළියට දාන්න.

අද අපේ පක්ෂය පාවා දීලා බලු කරලා තියෙන්නේ. අපි එදා වගේම අදත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරනවා. මේ පාක්ෂිකයෝ රැකගැනීමට වගකීමක් අපට තියෙනවා. අද මේ ආණ්ඩුව කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ. මේ රට රැකගැනීම වගකීම තියෙන්නේ තමුන්නාන්සේලාට. එක්සත් ජාතික පක්ෂය කළේ හැමදාම රට පාවාදීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ හැමදාම රට බේරා ගැනීමයි. එක්සත් ජාතික පක්ෂය විකුණපු සියලු ආයතන අපේ රජයක් ආවම අපි පවරා ගන්නවා.

අකුරැස්ස - එස්. රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්