ගසක අත්තක් කඩා වැටී සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට

  👤  3010 readers have read this article !
By mawbima 2017-09-14

හිදෝගම - අමිල ප්‍රභාත් අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය මිහින්තලේ - ර.මු.සු. රත්නායක

ගසක අත්තක් කඩා වැටීමෙන් පෙරේදා (12දා) පස්වරුවේ සිදු වූ හදිසි අනතුරකින් සිවිල් ආරක්ෂක සෙබළකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ සේවය කළ කේ. උපාලි නමැති අයෙකි. මැදවච්චිය, කටුකැලියාව, පෙරියකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු තිස් අට හැවිරිදි දෙදරු පියෙකි.

පෙරේදා (12දා) සවස මිහින්තලයේ පිහිටි සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයේ සංවිධාන කටයුතුවල නිරතව සිටි මොහු ගිමන් හැරීම සඳහා 2.45ට පමණ මිහින්තලය සිවිල් ආරක්ෂක බළකා පුහුණු පාසල ඉදිරි පිට පිහිටි ගසක් යටට පැමිණ ඇති අතර එහිදී ගසක අත්තක් හිස මතට කඩාගෙන වැටීමෙන් මේ අවාසනාවන්ත අනතුර සිදුවී ඇත.

එහිදී බරපතළ ලෙස තුවාල ලැබූ සෙබළා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් සෙබළා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී අසල තිබූ යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයකටද හානි සිදුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්