මුදල් ආරවුලකට කාන්තාවක් මරා පොල්ලෙලි වළක සැඟ වූ තිදෙනාට මරණ දඬුවම

  👤  3060 readers have read this article !
By mawbima 2017-09-14

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්

මාරාවිල හොරගොල්ලේදී මුදල් ආරවුලක් මත කාන්තාවක ඝාතනය කර ඇගේ සිරුර අත්හැර දැමූ පොල් ලෙලි වළක සඟවා දැමූ සිද්ධියට අදාළ මිනීමැරුම් නඩුවක් විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජා මහතා පෙරේදා (12දා) විත්තිකාර පිරිමින් දෙදෙනකුට හා කාන්තාවකට මරණ දඬුවම පැනවීය.
මෙසේ දඬුවම් නියම වූයේ මාරාවිල තල්විල පල්ලිය පාරේ පදිංචි පොන්නම්පෙරුමගේ ජෙරාඩ් ප්‍රියන්ත (33) තිත්තල ඉනෝකා අෑන් නිරෝෂා (36) සහ මෙතියස් සුනිල් සෙබස්තියන් ඕබි්‍රස් නමැති තිදෙනාටය. තුන් වැනි විත්තිකාර මෙතියස් සුනිල් සෙබස්තියන් ඕබි්‍රස් නමැති අය නඩු විභාගයට මුලදී පැමිණ සිටි නමුත් පසුව ඔහු අධිකරණය මඟ හැර සිටින බවත් මේ වන විට ඔහු මිය ගිය ගොස් ඇති බවත් හෙළි විය.

2002 වසරේ ඔක්තෝබර් මස 7 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හලාවත මහාධිකරණ බල ප්‍රදේශයේ මාරාවිල හොරගොල්ල ප්‍රදේශයේදී තොටිල්ලේ ගෙදර කරුණාවතී නමැත්තිය ඝාතනය කිරීම, ඇය සතු රුපියල් නව දහසක් වටිනා රන් දම්වැලක් හා කරාබු ජෝඩුවක් කොල්ල කෑමේ චෝදනාවන් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

මනුෂ්‍ය ඝාතන චෝදනාවට මරණ දණ්ඩනය නියම වූ අතර රන් ආභරණ කොල්ලකෑමේ චෝදනාවන්ටද වරදකරුවන් වීම නිසා විත්තිකරුවන්ට රුපියල් හත්දහස් පන්සියය බැගින් දඩ ගෙවීමටත් එසේ නොගෙවන්නේ නම් මාස හය බැගින් ලිහිල් සිරදඬුවම් ද බරපතළ වැඩ ඇතිව වසර පහළොව බැගින් සිර දඬුවම්ද නියම විය.

අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු විත්තිකරුවන් තමන් නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කිරීම නිසා නඩුවේ සාක්කි විභාගය ආරම්භ කෙරුණි.
රජයේ අධි නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර මාරාවිල පොලිසියේ කොස්තාපල් ජේ.එම්.එන්. ජයවර්ධන මහතා (494375) පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේය. විත්තිකාරිය හා විත්තිකරු වෙනුවෙන් පාලිත විජේසිංහ හා තරංග දිසානායක යන නීතිඥවරු පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්