රැකියාවට තේ කඩේක ආප්ප පුච්චන්න ගිය තිදරු මව මඟ මරුවකුට බිලි

  👤  2985 readers have read this article !
By mawbima 2017-09-14

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

කටුනායක - නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව උදම්මිටදී ඊයේ (13දා) උදෑසන 5.30ට පමණ කැන්ටර් රථයකට යට වීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ උදම්මිට පදිංචිව සිටි සමරසිංහ ආරච්චිලාගේ ලිලියන් (68) නමැති තිදරු මවකි.
නිවෙස ආසන්නයේම ඇති තේ කඩයක ආප්ප පිච්චීම තම ජීවිකාව කර ගත් මෙම වයසක කාන්තාව තම නිවෙසේ සිට ලුණුමිරිස්ද රැගෙන තේ කඩය වෙත යෑමට පාර මාරුවීමේදී නිට්ටඹුව දෙස සිට පැමිණි කැන්ටර් රථයකට යට වී වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් කාන්තාව මියගොස් සිටි බව නිට්ටඹුව පොලිසිය පවසයි.

රියැදුරු නිට්ටඹුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (13දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අත්අඩංගුවට ගත් රියැදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 50 වියැති දෙදරු පියෙකි. නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ නියෝග මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්