සෞදියට ගොස් තොරතුරක් නැති දස දෙනකුගේ විස්තර කාර්යාංශයට

  👤  3003 readers have read this article !
By mawbima 2017-09-14

සිදත් මෙන්ඩිස්

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති දස දෙනකු පිළිබඳ විස්තර පවුලේ සමාජිකයන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී තිබේ.


ඔවුන් පිළිබඳව සොයා බැලීමට කාර්යාංශයට අවශ්‍ය වී ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු විදේශ සබ¼දතා අංශයේ 0114379328 දරන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තොරතුරු සොයා බැලීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබඳ විස්තර පහත පරිදි එම කාර්යාංශය දැනුම් දී ඇත.
ජී.ඩබ්. කමනි සියලතා මිය -නො. 7/ඕ, ර්ඉශ්‍රී , උහන. අම්පාර, එන්. ඉන්ද්‍රාණි මිය - 20/77, ග්‍රීන් ටෙරස්, පරකන්දෙණිය, ඉඹුල්ගොඩ. කේ.අයි. මුතුමැණිකා මිය - රණමුරේ, අගලහේන, ලග්ගල, පල්ලෙගම. ඩබ්.ඒ. පර්ලි වීරසිංහ මිය. ඩබ්.ඩී. අමිතා ජයසිංහ මිය - 04 කණුව, රාජාංගණය. පෙරියසාමි මුත්තු මාරියම්මා මිය - දුනුසිනාන පහළ කොටස, පුන්දලුඔය. පී.එල්.පත්මිණි මිය - නොරගොල්ල වත්ත, උඩ කොටස, නිවිතිගල. එම්.ඒ. කාදර් බසීලා මිය -මිහිඳුපුර, කඳපොළ. පී.කේ. සුගත් මයා - නො. 100, සැලසුම්ගම, ‍ෙදාළකන්ද, දෙහිඅත්තකණ්ඩිය. සී. චන්ද්‍රසේකරම් චන්ද්‍රමලර් - පළමු කුරුච්චි, කෝමාරි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්