ශ්‍රී ලනිප ඇමැතිවරුන්ට අපහාස කරමින් නායකයා වෙන්න හැදුවා අරුන්දිකට යන්න වුණේ ඒකයි

  👤  3163 readers have read this article !
By mawbima 2017-09-14

නුවන් හෙට්ටිආරච්චි

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉවත් කිරීමට සිදු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරුන්ට අපහස කරමින් ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කිරීමට සැරසුණු නිසා බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා (12දා) වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ පැවැති රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට සහභාගි වෙමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ඇත්තටම මගේ හොඳ මිත්‍රයෙක් අරුන්දික. එයා ජූනියර් කෙනෙක්. නමුත් ඔහු පක්ෂයේ ජේ‍යෂ්ඨයන් වන ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යන ඇමැතිවරුන්ගේ නායකයා වෙන්න හැදුවා. මම ඔහුට කිව්වා අනාගතය සුරැකෙන විදියට වැඩ කරන්න කියලා. නමුත් ඇහැවුවේ නැහැ. ඒ නිසා ඉවත් කරන්න වුණා. අනික අපේ පක්ෂයෙන් ප්‍රබලයන් හතක් යනවා කියනවා. ඒක අමූලික බොරුවක්. එහෙම යන්නේ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්