2020 වනවිට දුම්කොළ වගාව තහනම් කරනවා

  👤  2933 readers have read this article !
By mawbima 2017-09-14

දයා පෙරේරා

වසර 2020 වනවිට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාව තහනම් කරන බවත් එය ප්‍රතිපත්තිමය තීරණයක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න කියයි.

එවිට දුම්කොළ සමාගම තීරණයක් ගනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.
දුම්කොළ සමාගමට එරෙහිව බදු පැනවූ බවත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනෙක් රටවලට ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර තිබෙන බවත් දුම්කොළ විරෝධී වැඩසටහන් වෙනුවෙන් උරුගුවේදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධාන සැසියකට ජනාධිපතිවරයාට හා තමාට ඇරයුම් කර ඇති බවත් ඇමැතිවරයා කීය.
නමුත් දුම්කොළ සමාගම් අප විරුද්ධවයි කටයුතු කරන්නෙ. ඔවුන්ගේ ලාභාංශ අඩුවෙලා. දුම්වැටි භාවිතය සියයට 46කින් අඩුවී තිබෙනවා. පාසල් අවට සිගරට් විකිණීම සහ තනි සිගරැට්ටුව විකිණීම තහනම් කිරීමටත් ප්ලේන් සිගරැට් පැකට්ටුවක් හඳුන්වා දීමටත් ඉදිරියේදී නීති රීති ගෙනෙන බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා එසේ කීවේ
හෙද හෙදි පුහුණුවට අලුතින් බ¼දවා ගත් පිරිස අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්