යාපනේ වෛද්‍ය වර්ජනයක් නෑ: සත්කාරක සේවා දිගටම

  👤  2961 readers have read this article !
By mawbima 2017-09-14

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරුන් කිසිදු වැඩ වර්ජනයකින් තොරව රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව රෝහල් සේවකයෝ පවසති.
එම රෝහල්වල ප්‍රතිකාර යථා පරිදි සිදුවිණි. වවුනියාව රෝහලේ රජයේ වෛද්‍යවරු ඊයේ (12දා) වර්ජනයේ නිරත වූහ.

වර්ජනය පවතින රෝහල්වල සායන කටයුතුවලට පැමිණි රෝගීන්ට රෝහල් කාර්ය මණ්ඩලය මඟින් වෛද්‍යවරයකුගේ පරීක්ෂාවකින් තොරව සායන පොත්වල සඳහන් පරිදි ඔෟෂධ නිකුත් කරන ආකාරය දක්නට ලැබුණු අතර මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණි රෝගීන් වර්ජනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කරනු ඇසිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්