සබරගමු සරසවි භූවිඥාපන පීඨ ශිෂ්‍ය සංගමය බත්තරමුල්ලේ ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

  👤  3184 readers have read this article !
By mawbima 2017-09-14

සවනි ශේශාධි

සබරගමුව විශ්වවිද්‍යාලයේ භු විඥාපන පීඨ ශිෂ්‍ය සංගමය බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (13දා) විරෝධතාවක නිරත විය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේදී සිදුකරන මැනුම් විද්‍යා උපාධිධාරීන්ගේ කප්පාදුව නවතන ලෙසත් රැකියා සුරක්ෂිතතාව තහවුරු කරන ලෙසත් බලකරමින් සබරගමුව භූවිඥාපන පීඨයේ ශිෂ්‍ය පිරිසක් ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය දැක්වූහ.

විරෝධතාකරුවන් ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණෙන විටත් ඉඩම් අමාත්‍යාංශයට පිවිසෙන මාර්ගයට මාර්ග බාධක යොදා අවහිර කොට තිබිණි. අමාත්‍යාංශ පරිශ්‍රයේ ජල ප්‍රහාරක රථයක්ද නවතා තිබෙනු දක්නට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon